නිදාගත් රාත්රිය
බිංදු බිංදු වතුර බිංදු - බේසම මත වැටෙනවා නිහඬ අඳුරා නිවස පුරා - දෝංකාර නගනවා නැගෙන ශබ්ද නිවස තුළින් - රටා තාල මවනවා ලොවම නිදා ගත් මොහොතක - මට තනිකම් මකනවා තත්පර කටු රාත්රියට - නැවුම් පනක් ලබනවා ලෝකය කැරකෙන වේගය - හඬ ගා මට කියනවා රංචු පිටින් කනා මැදිරි - තම නිදහස විඳිනවා නිදි නොලබන පළගැටියෝ - මිහිරි සින්දු කියනවා.
Ad
Poetry Books 50% Off
Bestselling collections from top poets
Shop Now →
